2025 - කෝඩ‍්‍රෑන්ගල් කුසලාන ගොල්ෆ් තරඟාවළිය සාර්ථකව අවසන් විය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හතරවන වතාවට සංවිධානය කරනු ලැබූ කෝඩ‍්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරඟාවලිය අද (2025 මැයි 31) දින චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී පැවැත්වු අතර මෙම තරඟය සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජ 4ක් වන ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක‍්‍රීඩා සමාජය, රෝයල් කලම්බු ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජය, වික්ටෝරියා ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජය හා නුවර එළිය ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජය සහබාගී විය.

මෙම තරගාවලියේ ප‍්‍රසාද ලකුණු 295ක් ලබාගනිමින් සමස්ථ ශූරතාව දිනා ගැනීමට රෝයල් කලම්බු ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජය සමත් විය, දක්ෂතම ළගම පහරට හිමි කුසලානය (පිරිමි) රෝයල් කලම්බු ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජයේ තිලක් වනසිංහ මහතා විසින්ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක‍්‍රීඩා සමාජයේ  ගෲප් කැප්ටන් ප්‍රභාත් විජේකෝන් විසින්ද, දක්ෂතම ළගම පහරට හිමි කුසලානය (කාන්තා) වික්ටෝරියා ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජයේ ෆ්‍රැන්සිස්කා ද මෙල් විසින් ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (කාන්තා) රෝයල් කලම්බු ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජයේ දිලිනි හෙන්නායක විසින් දිනාගත් අතර තරගාවලියේ වැඩිම ලකුණු ක‍්‍රීඩකයා ලෙස රෝයල් කලම්බු ගෝල්ෆ් ක‍්‍රීඩා සමාජයේ කේ. දනුෂන් මහතා ද තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක‍්‍රිඩිකාව ලෙස ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක‍්‍රීඩා සමාජයේ මනෝරි ජයකොඩි මහත්මිය ද කුසලාන දිනා ගන්නා ලදි.

මෙම තරඟාවලියේ නිළ වෙළඳ ප්‍රවර්ධන සහකරු ලෙස මහජන බැංකුවේ දායකත්වය ද අනුග‍්‍රහකත්වය Carbon Activated Cooperation, Sarasavi Industries (Pvt) Ltd, M/S Access Engineering යන ආයතන වලින් ලබා දුන් අතර, තරඟ  ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සඳහා කුසලාන ප‍්‍රධානෝත්සවය ගුවන් හමුදා, අධ්‍යක්ෂක ජනරාල් ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා නිළධාරිතුමාගේ ප‍්‍රධානත්වයෙන් චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි