ආරක්ෂක ලේකම්තුමන් නැගෙනහිර පළාතේ මඩකලපුව ප්‍රදේශයේ ආරක්ෂක තත්වය පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරිත වේ
වත්මන් ආරක්ෂක තත්ත්වය තක්සේරු කිරීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා 2025 ජුනි 03 වන දින නැගෙනහිර පළාතේ මඩකලපුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ද මෙම සංචාරයට සහභාගී විය.

මෙම සංචාරය අතරතුර, ආරක්ෂක ලේකම්වරයා ප්‍රදේශයේ යොදවා ඇති ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, පවතින ආරක්ෂක ගැටළු කෙරෙහි අවධානය යොමු කරන ලද අතර එහිදී ඕනෑම හදිසි අවස්ථාවකට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට හමුදාවන්ගේ සූදානම පිළිබඳ ඇගයීමට ලක් කළේය.

243 වන පාබල බලසේනාව අමතමින් ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂාව පවත්වා ගැනීම සහ මානුෂීය උත්සාහයන්ට සහාය වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉටු කරන කාර්යභාරය අගය කළේය. විශ්වාසය හා සමගිය ගොඩනැගීම සඳහා මඩකලපුවේ ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය. නැගෙනහිර පළාතේ අන්තවාදී තර්ජනවලට එරෙහිව සුපරීක්ෂාකාරී වීම අවධාරණය කරමින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සැලසුම් කිරීමට උපදෙස් දුන් ඔහු, මඩකලපුව, පාසිකුඩා සහ ආරුගම්බේ වැනි ප්‍රධාන සංචාරක ප්‍රදේශවල ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි