එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොල මහතා ජාතිය වෙනුවෙන් වසර 35 ක කැපවූ සේවයක් සම්පූර්ණ කිරීමෙන් පසු 2025 ජුනි 10 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙන ලදී. විශ්‍රාම යන අවස්ථාවේදී, ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීය.
එයාර් වයිස් මාර්ෂල් කැප්පෙටිපොල මහතා 2025 ජුනි 09 වන දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවී නිල වශයෙන් සමුගැනීම සිදු කරන ලදී. ජාතියට සහ විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඔහු කැප කළ සේවය වෙනුවෙන් ගුවන් හමුදාපතිවරයා ඔහුට ප්‍රශංසා කළ අතර අපගේ මාතෘ භූමියට අත්‍යවශ්‍ය කාලවලදී ඔහු ප්‍රධාන කොටස්කරුවෙකු වූ බවත් ඔහුගේ වීරෝදාර ඉතිහාසය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වංශකථාවේ සදහටම පවතිනු ඇති බවත් ගුවන් හමුදාපතිවරයා අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාපති සහ එයාර් වයිස් මාර්ෂල් කැප්පෙටිපොළ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
අවසන් වරට ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර, ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහුට චාරිත්‍රානුකූල සම්මාන මුරයක් පිරිනමන ලදී.
එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කුමාර කැප්පෙටිපොළ 1990 නොවැම්බර් මස 03 වන දින රත්මලාන ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 8 වන බඳවා ගැනීමේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය.
එයාර් වයිස් මාර්ෂල් කැප්පෙටිපොළ 1992 දියතලාව ගොඩබිම් සටන් පුහුණු ඒකකයෙන් මූලික සටන් පුහුණුව, මූලික පරිපාලනය සහ උසස් පරිපාලනය සාර්ථකව නිම කළේය. ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක ශාස්ත්‍රවේදී උපාධිය හදාරා දෙවැනි උපාධිය ලබා ගත් අතර එහිදී ඉහළ සාමාර්ථය සමඟින් “තාක්ෂණික නොවන විෂය ධාරාවේ හොඳම සමස්ත ශිෂ්‍යයා” බවට පත් වෙමින් 1992 නොවැම්බර් 14 දින පරිපාලන ශාඛාවේ අධිකාරීලත් නිලධාරියකු ලෙස සේවය ආරම්භ කරන ලදී.
එයාර් වයිස් මාර්ෂල් කැප්පෙටිපොල 2002 වසරේ මාණ්ඩලික විද්‍යාලයේ අංක 4 කනිෂ්ඨ අණ පාඨමාලාවට සහභාගී වූ අතර, 2001 වසරේ ඉන්දියාවේ කොයිම්බතූර් හි ගුවන් හමුදා පරිපාලන විද්‍යාලයේ අංක 202 කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාව හැදෑරීය. 2011 වසරේ සපුගකන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) පාඨමාලා අංක 5 ට සහභාගි විය. 2002 දී ඔහු චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධ්‍යයන අධ්‍යක්ෂක (DAS) ලෙස අනුයුක්ත කර වසර 4ක් සාර්ථකව සම්පූර්ණ කළේය.
එයාර් වයිස් මාර්ෂල් කැප්පෙටිපොල නිළධාරීතුමන්ගේ සේවා ජීවිතයේ අවසාන කාලයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙසත්, 2022-23 දී නියෝජ්‍ය පරිපාලන අධ්‍යක්ෂ ලෙසත්, 2023-25 දී අධ්‍යක්ෂ සාමාන්‍ය පරිපාලන ලෙසත් කටයුතු කළේය.

Fairwell call on the
Commander