ශ්‍රී ගුවන් සේවා ඒකකය සෙමියෝ නේවාසිකාගාරයේ අනතුරටපත් පුද්ගලයින් ඉවත් කිරීමේ මෙහෙයුමක් සිදු කරයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ නියෝගය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය බ්‍රියාහිදී 2025 ජුනි 14 වන දින සතුරු පරිසරයක් තුල අනතුරටපත් පුද්ගලයින් ඉවත් කිරීමේ (CASEVAC) මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කළේය. මෙම මෙහෙයුමට Mi-17 හෙලිකොප්ටරයක් ​​(UNO 326P) සම්බන්ධ විය. 

වින්ග් කමාන්ඩර් ඉෂාන් තිබ්බොටුමුනුවේ (කපිතාන්) මෙම මෙහෙයුමට අණ දුන් අතර වින්ග් කමාන්ඩර් නදුන් දෙනෙත්ති සහ ගුවන් කාර්ය මණ්ඩලය ලෙස බළපංති සැරයන් චන්දන AMG, සැරයන් පෙරේරා GGPK, කෝප්‍රල් වීරසිංහ KPS සහ කෝප්‍රල් රොද්‍රිගෝ DVMP යන අය සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි