ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් 2025 ජුනි 18 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය. මෙම නියෝජිත පිරිසට නික්ම යන ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් සහ අලුතින් පත් කරන ලද ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් ඇතුළත් විය.

ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී, නික්ම යන ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් මහතාට තම ධූර කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ දැක්වූ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර, අලුතින් පත් කරන ලද ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් මහතාට උණුසුම්ව පිළිගැනීමක් ද සිදු කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා අමුත්තන් සහ ගුවන් හමුදාපතිවරයා අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි