2025 ගුවන් හමුදා අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය
2025 අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය 2025 ජුනි 18 වන දින සිට 20 වන දින දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවති අතර, තරඟාවලිය සඳහා පිරිමි සහ කාන්තා අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 130 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.

පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම බර කාණ්ඩ අටක් යටතේ පවත්වන ලද උද්යෝගිමත් තරඟයක අවසානය සනිටුහන් කරමින් අවසන් තරඟය සහ සම්මාන ප්‍රදානෝත්සවය 2025 ජුනි 20 වන දින පැවැත්විණි.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිරිමි සහ කාන්තා යන දෙඅංශයේම සමස්ත ශූරතාවය හිමිිකරගත් අතර. ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර කාණ්ඩ දෙකෙහිම අනුශූරතාවය දිනා ගත් අතර සම්මාන ප්‍රදානෝත්සවය පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී

මෙම අවස්ථාවට කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අසේල ජයසේකර, ගුවන් හමුදා ජූඩෝ සම්මෙලනයේ සභාපති එයාර් කොමඩෝර් මනෝජ් ගලප්පත්ති, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කෝලිත අබේසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, ගුවන් හමුදා ජූඩෝ සම්මෙලනයේ ලේකම් ගෲප් කැප්ටන් ඉරංග ගුණසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ.

ප්‍රතිඵල සාරාංශය

පිරිමි

කිලෝග්‍රෑම් 55 ට අඩු

ප්‍රථම ස්ථානය - නායක ගුවන් භට ප්‍රනාන්දු කේකේඑස් (ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

දෙවන ස්ථානය - සැරයන් දිසානායක ඩීඑච්එස්එල් (ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

තෙවන ස්ථානය - නායක ගුවන් භට රත්නායක ආර්එම්එස්එල් (26 වන රෙජිමේන්තු පක්ෂාංගය)

තෙවන ස්ථානය - නායක ගුවන් භට කවිද පීජීඑල්අයි (චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය)

කිලෝග්‍රෑම් 60 ට අඩු

ප්‍රථම ස්ථානය - කෝප්‍රල් සදුන් කුමාර කේඑල්එම් (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)

දෙවන ස්ථානය - කෝප්‍රල් පතිරාජ පීඑම්එන් (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)

තෙවන ස්ථානය - ප්‍රමුඛ ගුවන් භට විද්‍යාගර් බී (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)

තෙවන ස්ථානය - පියාසර සැරයන් සරත් කුමාර එස්එම්ජී (ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි