වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහාය
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, 2025 ජුනි 21 වන දින සිට 23 වන දින දක්වා පවත්වන ලද මිනිස්-අලි ගැටුම් අවම කිරීමේ මෙහෙයුමකට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායම් යොදවන ලදී. අලි-මිනිස් ගැටුම් ඉහළ අවදානමක් ඇති ප්‍රදේශවල මිනිස් ජනාවාස සහ කෘෂිකාර්මික ඉඩම්වලට වන අලි ඇතුන් ඇතුළු වීම ආරක්ෂිතව වැළැක්වීම මෙම වැඩසටහනේ අරමුණ විය. මෙම ඒකාබද්ධ මෙහෙයුම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

ගුවන් හමුදා දායකත්වයට සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් තුනක් යොදවන ලද අතර දින තුනක කාලය තුළ අම්බුලම්බේ, තලකිරියාගම සහ දඬුපඩිරුප්ප ප්‍රදේශවල ක්ෂේත්‍ර මෙහෙයුම් සඳහා සහාය වීම මෙම කණ්ඩායම්වලට පැවරී තිබුණි.

ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ සහ ඊට සම්බන්ධ සතුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අනෙකුත් ආයතන සමඟ එක්ව කටයුතු කළ අතර වාර්තා වූ සිදුවීම් නොමැතිව මෙහෙයුම සාර්ථකව නිම කරමින් අරමුණු ඵලදායී ලෙස සපුරා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි