ගුවන් හමුදාපතිතුමන් විසින් ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ වාර්ෂික පරික්ෂණය සිදු කරනු ලබයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් 2025 ජූලි 11 වන දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ  වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී. කඳවුරට පැමිණි ගුවන් හමුදාපතිතුමන් කඳවුරේ අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් පූජණ ගුණතිලක නිළධාරීතුමන් විසින් පිළිගනු ලැබීය.

කඳවුරේ අණදෙන නිලධාරිතුමන් විසින් මෙහෙයවන ලද පරීක්ෂණ පෙළපාළිය ගුවන් හමුදාපතිවරයා විසින් පරික්ෂාවට ලක් කරන ලද අතර පහත සඳහන් සේවා සහ සිවිල් පුද්ගලයින් හට ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

බලලත් නිලධාරී ඩිඑම්ආර් සී දිසානායක 
බළපංති සැරයන් දේශප්‍රිය එච්ඩජීඑස් 
බළපංති සැරයන් මධුසංක බිජීඑම්
සැරයන් ජයරත්න SRSK එස්ආර්එස්කේ
සිවිල් ජීයුඕ මෙන්ඩිස් 

පරීක්ෂාව අතරතුර, ගුවන් හමුදාපතිතුමන් කඳවුරු මූලස්ථානය, අංක 6 බලඝණය, අංක 21 වන රෙජිමේන්තු පක්ෂාංගය, අංක 33 ගොඩබිම් ගුවන් ආරක්ෂක අංශය, සැපයුම් අංශය ඇතුළු සියලුම ස්ථාන පරික්ෂාවට ලක් කරන ලදී. ඊට අමතරව, කඳවුරේ සුභසාධන සේවා වැඩි දියුණු කිරීම සඳහා හඳුන්වා දුන් පහසුකමක් වන අලුතින් ඉදිකරන ලද ‘සිඟිති සෙවන’ දිවා සුරැකුම් මධ්‍යස්ථානය ගුවන් හමුදාපතිතුමන් විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.

පරීක්ෂණයෙන් පසුව, අංක 6 බලඝණයේදී කඳවුරේ සියලුම නිලයන් සහ සිවිල් සේවක මහතුන් ඇමතූ ගුවන් හමුදාපතිවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම අගය කළ අතර විනය හා කාර්ය සාධනය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් සඳහා අඛණ්ඩ උත්සාහය තවදුරටත් පවත්වා ගැනීම සඳහා ඔවුන් දිරිමත් කළේය. ස්වයං විනය සහ වෘත්තීයභාවයේ වැදගත්කම අවධාරණය කරමින්, ගුවන් හමුදාවේ කීර්ති නාමය සහ ජාතික සංවර්ධනය සඳහා එහි වගකීම් ඉටු කිරීම සෑම සාමාජිකයෙකුගේම කැපවීම මත රඳා පවතින බව ගුවන් හමුදාපත්තුමන් විසින් තව දුරටත් අවධාරනය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි