ගුවන් හමුදා අනුරාධපුර කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කරනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2025 ජූලි 16 වන දින කඳවුරු පෙළපාළි පිටියේදී සිදු කරන ලද අතර එහිදී නික්ම යන කඳවුරු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් පීඑන් ගුණතිලක නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් එස්ඒපීටී පියරත්න නිළධාරීතුමන් වෙත තනතුර භාර දෙන ලදී.

නික්ම යන කඳවුරු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් පීඑන් ගුණතිලක  ගුවන් හමුදා මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ වැඩබලන ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ තනතුර භාර ගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි