ගුවන් හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් දූෂණ විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම යටතේ වාර්ෂික වැඩසටහනේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා ගුවන් හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සමග එක්ව දූෂණ විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජූලි 18 වන දින සාර්ථකව පවත්වන ලදී.

මෙම අවස්ථාවට සියලුම ගුවන් හමුදා කඳවුරුවල අභ්‍යන්තර කටයුතු ඒකකවල නියෝජිතයින් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා විසින් පවත්වන ලද ආරම්භක අදහස් දැක්වීම් සමඟ වැඩසටහන ආරම්භ විය. 

ශ්‍රී ලංකා ගුවන් හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ නිලධාරී විසින් ඉදිරිපත් කරන ලද වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සහ එහි ප්‍රගතිය පිළිබඳ පුළුල් සමාලෝචනයක් මෙම සැසියේදී පැවැත්විණි. පුරවැසි ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම, චර්යාධර්ම සංග්‍රහය බලාත්මක කිරීම සහ ආයතනික අවදානම් තක්සේරු සැලැස්ම ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන අංශ කෙරෙහි මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු යොමු කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනුජා බණ්ඩාර මහත්මිය සහ කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා විසින් දැනුවත් කිරීමේ සැසිය මෙහෙයවන ලදී. සැසිය ආකර්ශනීය හා තොරතුරු සහිත ප්‍රශ්නෝත්තර සැසියකින් අවසන් වූ අතර, එමඟින් සහභාගිවන්නන්ට ප්‍රශ්න පැහැදිලි කර ගැනීමට සහ දූෂණ විරෝධී මූලධර්ම සහ භාවිතයන් පිළිබඳ ඔවුන්ගේ අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීමට ඉඩ සැලසුණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි