2025 අන්තර් ඒකක හෑන්ඩ් බෝල් ශූරතාවලිය.
2025 අන්තර් ඒකක හෑන්ඩ් බෝල් ශූරතාවලිය 2025 ජූලි 22 සිට ජූලි 24  දින දක්වා කොළඹ ගුවන් හමුදා කඳවුරේ රයිෆල් ග්‍රීන් පිටියේදී පැවැත්විය. අවසන් තරඟ සහ සම්මාන ප්‍රදානෝත්සවය 2025 ජූලි 25 වන දින තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විය. ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනෙවිරත්න නිලධාරිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිරිමි ශූරතාව දිනා ගත් අතර දියතලාව සටන් පුහුණු පාසල කාන්තා ශූරතාව දිනා ගන්නා ලදී. ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවය දිනා ගන්නා ලදී.

මෙම උත්සවය සඳහා ගුවන් හමුදා හෑන්ඩ් බෝල් සභාපති එයාර් වයිස් මාර්ෂල් රජින්ත් ජයවර්ධන, ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමදෝරු සුරේෂ් ජයසිංහ, ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු බුද්ධික පියසිරි, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු කෝලිත අබේසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.

ප්‍රතිඵල සාරාංශය

කාන්තා කාණ්ඩය
හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව - නායක ගුවන් කාන්තා ලොව් ඩබ්ලිව්.එස්.එන් 
හොඳම ප්‍රහාරක ක්‍රීඩිකාව - ගුවන් කාන්තා නිර්මලී ජී.ජී.එම්.එච්
හොඳම ගෝල රකින්නා - නායක ගුවන් කාන්තා කොෂාලි ඩබ්ලිව්.ඩී
තරඟාවලියේ හොඳම ක්‍රීඩිකාව - ගුවන් කාන්තා නිර්මලී ජී.ජී.එම්.එච් 

පිරිමි කාණ්ඩය
හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව - සැරයන් දිසානායක ඩී.එම්.එස්.එල් 
හොඳම ප්‍රහාරක -නායක ගුවන් භට ක්‍රීඩක නිෆ්‍රාන් ඒ
හොඳම ගෝල රකින්නා -නායක ගුවන් භට ක්‍රීඩක මාධව පී.එල්.කේ
තරඟාවලියේ හොඳම ක්‍රීඩිකාව - බලලත් නිලධාරී ආර්.පී.ඩී රූපතුංග

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි