ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර 14 වන සංවත්සරය සමරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර 2025 අගෝස්තු 03වන දින සිය 14 වන සංවත්සරය සමරනු ලැබුවේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ජයරත්න අමරසිංහ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සව මාලාවක් සමඟිනි.
චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියකින් සංවත්සරය ආරම්භ කරන ලද අතර එහිදී අණදෙන නිලධාරීතුමන් විසින් නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතනු ලැබීය. 2025 අගෝස්තු 01 වන දින උසස්වීම් ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයින් 28 දෙනාට අණදෙන නිලධාරීතුමන් සුබ පැතුම් එක් කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය අගය කරන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ඉරණමඩු ගුවන් හමුදා කඳවුර ප්‍රජා සේවා මුලපිරීම් කිහිපයක් සංවිධානය කරන ලදී. ඒවාට ගුවන් හමුදා පරිශ්‍රයේ රුධිර පරිත්‍යාග ව්‍යාපාරයක්, පලෙයි හි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක්, අලගපුරි ප්‍රාථමික පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ බෞද්ධ හා හින්දු ආගමික වතාවත් ඇතුළත් විය. සංවත්සර සැමරුම් උත්සවයේදී සියලුම නිලයන් අතර මිත්‍රශීලීභාවය වර්ධනය සදහා ක්‍රිකට් තරඟාවලියක් ද පැවති අතර සියලු නිලයන්ගේ දිවා ආහාරයෙන් පසුව සංවත්සරය සැමරුම අවසන් විය.