13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේදී ගුවන් හමුදා කාන්තා කරාතේ කණ්ඩායම ශූරතාව දිනාගෙන ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද 2025 වර්ෂයේ  13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ කරාතේ අවසන් තරඟ 2025 අගෝස්තු 04 සහ 05 යන දිනවල පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය. තරඟාවලිය තරගකාරිව  හා උද්යෝගිමත් දස්කම් දක්වමින් අවසන් විය. ත්‍රිවිධ හමුදාව තුළ කරාතේ ක්‍රීඩාවේ වැඩිවන තරඟකාරිත්වය සහ ඉහළ දක්ෂතා ඉස්මතු කරන ලදී.

ගුවන් හමුදා කාන්තා කරාතේ කණ්ඩායම රන් පදක්කම් හතරක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් හතරක් ලබා ගනිමින් ශූරයන් බවට පත්විය. ගුවන් හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනා ගනිමින් අනුශූරතාවය දිනා ගන්නා ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් ආර්ඩී සලේ මහතා සහභාගී විය. අවසන් තරඟ සඳහා ගුවන් හමුදා කරාතේ සභාපති එයාර් වයිස් මාර්ෂල් වජිර සේනාධීර මහතා සහ ගුවන් හමුදා කරාතේ ලේකම් ගෲප් කැප්ටන් ජයරත්න අමරසිංහ නිලධාරිතුමන් ඇතුලු  ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලයන් මෙම අවස්ථාවට සහභාගී විය.

ප්‍රතිඵල සාරාංශය

කාන්තා

රන් පදක්කම්ලාභීන්
ගුවන් කාන්තා රාජපක්ෂ පීඒ (කුමිටේ (Kumite) 50Kg)
ගුවන් කාන්තා පීරිස් ටීඑච්ඩී (කුමිටේ (Kumite) 61Kg)
ගුවන් කාන්තා කුමාරි ජීජීඒපී (කුමිටේ (Kumite) 68Kg)
නායක ගුවන් කාන්තා ප්‍රනාන්දු පීඑච්ආර් (කුමිටේ(Kumite)  +68Kg)

රිදී පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා පියුමාලි ඊඒයූ (කුමිටේ(Kumite)  50Kg)
නායක ගුවන් කාන්තා කුලතුංග පීආර්එස් (කුමිටේ(Kumite)  55Kg)
නායක ගුවන් කාන්තා කුලතුංග පීඑස්කේ (කුමිටේ(Kumite)  61Kg)

(කණ්ඩායම් Kata))

නායක ගුවන් කාන්තා කුලතුංග පීආර්එස්
නායක ගුවන් කාන්තා කුලතුංග පීඑස්කේ
නායක ගුවන් කාන්තා පියුමාලි ඊඒයූ
ගුවන් කාන්තා ඒකනායක පී.ඒම්.ඒල්.වයි

ලෝකඩ පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා කුලතුංග පීඑස්කේ (Individual Kata)
ගුවන් කාන්තා ඒකනායක පී.ඒම්.ඒල්.වයි (තනි පුද්ගල (Individual Kata))
ගුවන් කාන්තා ඒකනායක පී.ඒම්.ඒල්.වයි ((කුමිටේ(Kumite)  55Kg)
කෝප්‍රල් සේනාරත්න ආර්.පී.එස්.ඒ ((කුමිටේ(Kumite)   +68කි.ග්‍රෑම්)

පිරිමි
රන් පදක්කම් ලාභීන්
ගුවන් භට බ්‍රයන් ඊ (තනි පුද්ගල පුද්ගල (Individual Kata))
කෝප්‍රල් ජයකොඩි ජේ.ඒ.කේ.ඒල් ((කුමිටේ(Kumite)   +84Kg)

(කණ්ඩායම් (Kata))
කෝප්‍රල් සිල්වා කේ.එන්
නායක ගුවන් භට ෆයිස් එම්.එස්
නායන ගුවන් භට සංදීප ඩබ්ලිව්.එස්.අයි
ගුවන්භට බ්‍රයන් ඊ

ලෝකඩ පදක්කම්ලාභීන්
කෝප්‍රල් සිල්වා කේ.එන් (තනි පුද්ගල (Kata))
නායක ගුවන් භට කාර්තිගන් ජේ (කුමිටේ(Kumite)  කිලෝග්‍රෑම් 50)
කෝප්‍රල් අජිත් කුමාර ඒ.ඩබ්ලිව් (කුමිතේ(Kumite)  කිලෝග්‍රෑම් 55)
ගුවන් භට තුෂ්‍යන්තන් ආර්
කෝප්‍රල් සම්පත් ඒම්.යූ (Kumite 67Kg)
නායක ගුවන් භට ඩයස් කේ.ඒ.වී.ඩී.එල්
කෝප්‍රල් සේනානායක එස්.එම්.පී (කුමිතේ(Kumite)   75Kg)
කෝප්‍රල් ප්‍රසන්න කේ.එස් (කුමිතේ කිලෝග්‍රෑම් 84)
පියාසර නිලධාරී සී.ඒස්.ඒස් රණවීර (කුමිතේ(Kumite)   +84Kg)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි