පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයන්හි ගුරුවරියන් සහ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියේ උපදේශනය සහ අධීක්ෂනය යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ සුභසාධක අධ්‍යක්ෂ අංශය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයන්හි ගුරුවරියන් සහ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 10.09.2011 දින ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙම දැනුවත් කිරීමේ උපදේශිකාව වශයෙන් කටයුතු කරන ලද්දේ නිව් වර්ල්ඩ් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ අධ්‍යක්ෂිකා සහ ලිබර්ටි ජාත්‍යාන්තර ගුරුපුහුණු ආයතනයේ ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂිකාව වශයෙන් කටයුතු කරන එසේම මීට පෙර රණවිරු සේවා අධිකාරියේ සහ මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා යටතේ මධ්‍යම පලාත් ගුරු උපදේශිකාව වශයෙන් කටයුතු කරන ලද පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරමින් ළදරු අධ්‍යාපනය පිළිබඳව මහජනතාව දැනුවත් කරන අරෝෂා භක්ති ද සිල්වා මහත්මිය විසිනි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ඇතුළුව සේවා වනිතා ඒකකයේ සුභ සාධක අධ්‍යක්ෂ අංශයේ සහ ගුවන් හමුදා පෙර පාසල් ගුරුභවතුන් රැසක්ද නිළධාරීන්ද සහභාගි විය.








airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි