ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකල හින්දු ආගමික උත්සවයක් කැප්ටන් උද්‍යාන කෝවිල් හිදී පැවැත්විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සිදුකරන හින්දු ආගමික උත්සවය  2025 අගෝස්තු 06 වන දින කොළඹ 10, කැප්ටන් උද්‍යාන ශ්‍රී කයිලාසනාදර් ස්වාමි දේවස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

උත්තරීතර කැපකිරීමක් කළ ගුවන් හමුදාවේ අයට, ඔවුන්ගේ පවුල්වලට, ගුවන් හමුදාවේ සියලුම ආයතනවල සහ කදවුරුවල දැනට සේවය කරන සියලුම නිලධාරීන්ට සහ අනෙකුත් නිලයන්ට ආශිර්වාද කරන ලදී.

මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා ආයතන නියෝජනය කරමින්, අණදෙන නිලධාරී, කඳවුරු අණදෙන නිලධාරීන් සහ අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් මෙම උත්සවයට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි