අංක 02 මූලික ප්‍රහාරක පාලක පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුරේදී අවසන් විය.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ (NADS) හැකියාවන් වැඩි දියුණු කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අංක 02 මූලික ප්‍රහාරක පාලක පාඨමාලාවේ සමාප්ති උත්සවය 2025 අගෝස්තු 06 වන දින මිරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානයේදී (ADC&CC) පැවැත්විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා නිලධාරිතුමන් සහභාගී විය. ගුවන් ගමනාගමන සේවා අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු ප්‍රභාත් දිසානායක, ප්‍රාග්ධන සුභසාධන ව්‍යාපෘති අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු සනත් ප්‍රනාන්දු, ගුවන් ආරක්ෂක අධ්‍යක්ෂ ගෲප් කපිතාන් වජිර ජයකොඩි යන නිලධාරිවරුන් ඇතුලු තවත් කීර්තිමත් නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී විය.
සති 15 ක පාඨමාලාව 2025 මැයි 05 වන දින ආරම්භ වී 2025 අගෝස්තු 06 වන දින අවසන් විය. න්‍යායාත්මක හා ප්‍රායෝගික ඇගයීම් වලට භාජනය වෙමින් නිලධාරීන් හය දෙනෙකු මෙම පාඨමාලාවට සහභාගී විය.
පාඨමාලාවේ හොඳම සෑමඅතින්ම දක්ෂතම නිලධාරියා ලෙස ස්කොඩ්‍රන් ලීඩර් තාරක බක්මීදෙනිය නිලධාරිතුමන් තේරී පත් විය.
මූලික ප්‍රහාරක පාලක පාඨමාලාව (BFCC) ගුවන් ආරක්ෂාව පිළිබඳ මූලික න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීම සහ අලුතින් බඳවා ගන්නා ලද නිලධාරීන්ට ප්‍රහාරක පාලකවරුන් ලෙස රාජකාරි ඉටු කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක කුසලතා වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇත. ඉදිරි වසරවලදී ජාතික ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා මෙම නිලධාරීන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.