ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුරේ ගෘහස්ථ හිංසනය සහ ළමා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්විය.
2025 අගෝස්තු 05 වන දින මිරිගම ගුවන් හමුදා කඳවුරේ සුභසාධන කමිටුව විසින් ‘ගෘහස්ථ හිංසනය සහ ළමා ආරක්ෂාව’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් සංවිධානය කරන ලදී. මෙම උත්සවය සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රජින්ත් ජයවර්ධන නිලධාරිතුමන්ගේ උපදෙස් මත සහ මිරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්එච්එම්ටීසීකේ බණ්ඩාර නිලධාරිතුමන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්විය.
මෙම දේශනය ආකල්ප සංවර්ධනය පිළිබඳ පළපුරුදු කථිකාචාර්යවරයෙක් වන මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක මුතුගල මහතා විසින් මෙහෙයවන ලදී.
මෙම සැසියේ මූලික අරමුණ වූයේ ගෘහස්ථ හිංසනය සහ ළමා ආරක්ෂාවට අදාළ ගැටළු හඳුනා ගැනීම, වැළැක්වීම සහ ඒවාට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සේවා නිලධාරීන් සහ සිවිල් කාර්ය මණ්ඩලය යන දෙපිරිස අතර දැනුවත්භාවය ඇති කිරීමයි.