ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේන් නික්ම යන ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිස 2025 අගෝස්තු 13 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය. මෙම නියෝජිත පිරිසට නික්ම යන ආරක්ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් සහ අලුතින් පත් කරන ලද ආරක්ෂක උපදේශක කර්නල් කීත් මයිල්ස් ඇතුළත් විය.

ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී, නික්ම යන ආරක්ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් මහතාට තම ධූර කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ දැක්වූ සහයෝගය පිළිබඳව ගුවන් හමුදාපතිවරයා සිය කෘතඥතාව පළ කළ අතර, අලුතින් පත් කරන ලද ආරක්ෂක උපදේශක කර්නල් කීත් මයිල්ස් මහතාට විධිමත් පිළිගැනීමක් ද සිදු කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා සහ ආරක්ෂක උපදේශකයින් අතර නිල සමරු ඵලක හුවමාරු කර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි