ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලා උපාධිධාරීන් 142 දෙනෙකු සදහා සහතික ප්‍රදානය කරන ලදී
අංක 26 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 97 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලා සඳහා සහතික ප්‍රදානය කිරීමේ උත්සවය 2025 අගෝස්තු 15 වන දින සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී පවත්වන ලද අතර ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ජනක පුෂ්පකුමාර මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
සති 14ක් පුරා පැවැති මෙම පාඨමාලාව ත්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන්ට ශක්තිමත් අධ්‍යයන හැඟීමක්, කාර්යක්ෂම කළමනාකරණ කුසලතා සහ හැකියාවෙන් යුතු නායකත්ව ගුණාංග ලබාදීම ප්‍රධාන අරමුණ විය. රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධ මෙම පාඨමාලාව අවසන් වීමේදී සුදුසුකම් ලබා ඇති නිලධාරීන්ට කළමනාකරණ ඩිප්ලෝමා ප්‍රදානය කරන ලදී.
අංක 26 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 97 සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 65 දෙනෙකු සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 72 දෙනෙකු, ශ්‍රී ලංකා යුධ හමුදාවේ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 02 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 01 දෙනෙකු සහ බංග්ලාදේශ යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 02 දෙනෙකු ඇතුළත් විය. මෙම උත්සවයේදී, පාඨමාලා සාර්ථකව නිම කිරීම සනිටුහන් කිරීම සඳහා සම්මානලාභීන් 142 දෙනෙකුට සහතික ප්‍රදානය කරන ලදී.
අංක 26 ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් අතරින් සෑම අතින්ම දක්ෂතම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අධිකාරීනොලත් නිළධාරියා ලෙස බළපංති සැරයන් නිමලරත්න ජීඒකේඑන්කේ සහ සැරයන් ප්‍රභාත් ආර්ජේයුඩී ඇගයීමට ලක් කරන ලදී. මේ අතර, අංක 97 සිංහල මාධ්‍ය පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂතම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා ලෙස පිළිවෙලින් බළලත් නිලධාරී ඩීඑම් ලියනගේ සහ කෝප්‍රල් රාමනායක එස්එමිඑස්කේඅයි සම්මාන දිනා ගත්හ.