
“නිජබිම සටන” 9-ඒ-සයිඩ් තරඟාවලියේ ශූරතාවය ගුවන් හමුදා කාන්තා හොකී කණ්ඩායමට
මාතලේ විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද “නිජබිම සටන” 9-ඒ-සයිඩ් හොකී තරඟාවලිය 2025 අගෝස්තු 17 වන දින මාතලේ නන්දිමිත්‍ර ඒකනායක ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම 03-01 කින් පරාජය කරමින් ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරමින් ශූරතාව දිනාගැනීමට සමත් විය.
කණ්ඩායමේ සාර්ථකත්වයට අමතරව, ගුවන් හමුදා ක්‍රීඩිකාව වන නායක ගුවන් කාන්තා සිරිවර්ධන එම්සී තරඟාවලියේ “හොඳම ගෝල රකින්නා” ලෙස තේරී පත් විය.
කණ්ඩායමේ සාර්ථකත්වයට අමතරව, ගුවන් හමුදා ක්‍රීඩිකාව වන නායක ගුවන් කාන්තා සිරිවර්ධන එම්සී තරඟාවලියේ “හොඳම ගෝල රකින්නා” ලෙස තේරී පත් විය.