ගුවන් හමුදා කටුනායක කඳවුරේ පිහිටි ගිනි නිවීමේ පුහුණු පාසල හා ගිනි රථ නඩත්තු කිරීමේ බළඝණය සිය 9 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගිනි නිවීමේ පුහුණු පාසල හා ගිනි රථ නඩත්තු කිරීමේ බළඝණය (FS&FTMS) 2016 අගෝස්තු 27 වන දින ආරම්භ වූ ගමන සනිටුහන් කරමින් 2025 අගෝස්තු 27 වන දින සිය 9 වන සංවත්සරය ආඩම්බරයෙන් සමරනු ලැබීය.
වත්මන් අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් චමිල් හෙට්ටිආරච්චි නිළධාරීතුමනගේ ප්‍රධානත්වයෙන් සංවත්සර දින පෙළපාළියෙන් දිනය ආරම්භ වූ අතර, සැමරුමට සමගාමීව කණ්ඩායම් හැඟීම සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් කාර්ය මණ්ඩලය සියළු දෙනා එක්ව වොලිබෝල් තරඟාවලියක් පැවැත්විණි.
ආරම්භයේ සිටම, ගිනි නිවීමේ පුහුණු පාසල සහ ගිනි රථ නඩත්තු කිරීමේ බළඝණය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවන සහ ගලවා ගැනීමේ සේවාවේ මධ්‍යම පුහුණු සහ තාක්ෂණික මධ්‍යස්ථානය ලෙස කටයුතු කරමින්, මූලික සහ උසස් ගිනි නිවන පාඨමාලා, විශේෂිත ගලවා ගැනීමේ පාඨමාලා සහ ගිනි නිවන භටයින් සඳහා නැවුම් පුහුණු වැඩසටහන් පවත්වමින් කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සහතික කරයි. මෙම ඒකකය විසින් ගිනි අනතුරු ඇඟවීමේ පද්ධති සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම සහ අලුත්වැඩියා කිරීම, ගිනි නිවන රථ සහ පොම්ප නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීම, මෙන්ම හස්ත ආධාර ගිනි උපකරණ (FAFA) නැවත පිරවීම සහ අලුත්වැඩියා කිරීමද සිදු කරයි. මෙම පුහුණු හා තාක්ෂණික සේවාවන් මඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය, ආරක්ෂක ප්‍රමිතීන් සහ හදිසි අවස්ථාවල ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පවත්වාගෙන යාම සඳහා ගිනි නිවීමේ පුහුණු හා තාක්ෂණික සේවා මධ්‍යස්ථානය (FS&FTMS) ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.