සාර්ථකව පාඨමාලාව නිම කල අවිකරුවන් 238 දෙනෙකු විසිර යයි
මුලික අවිකරු පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කල අවිකරුවන් 238 දෙනෙකු 2011 සැප්තැම්බර් මස 08 වන දින ගුවන් හමුදා වන්නි සටන් පුහුණු පාසලේදී විසිර යන ලදී.

විශේෂ මෙහෙයුම් රාශී මූලය වන්නි ලෙස පෙර හැදින්වූ මෙම කදවුර පසුකාලිනව එය සටන් පුහුණු පාසල වන්නි ලෙස පරිවර්තනය වූ අතර මෙහිදී විසිර ගිය ප්‍රතම පාඨමාලාවද මෙය වේ.

මෙම විසිර යාමේ පෙලපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් කේ එච් ඒකනායක මෙම අවස්ථාවට සහභාගි විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි