2025 ගුවන් හමුදා සූපශාස්ත්‍ර කලා තරඟය රසය හා දක්ෂතාවය සමඟින් සාර්ථකව අවසන් විය.
2025 සැප්තැම්බර් 12 සහ 13 යන දෙදින තුළ ගුවන් හමුදාව සූපශාස්ත්‍ර පිළිබඳ  සැමරුමක් ප්‍රදර්ශනය කරන ලදී. දෙවන වරටත් ඓතිහාසික සීගිරිය ප්‍රෙද්ශයේදී ගුවන් හමුදා සූපශාස්ත්‍ර කලා තරඟය පැවැත්විය. සම්මාන ප්‍රදානෝත්සවය 2025 සැප්තැම්බර් 13 පැවත්විය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

මෙම තරඟය සංවිධානය  හා අධීක්ෂණය කරන ලද්දේ අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම්, එයාර් වයිස් මාර්ෂල් ග්ලැඩ්වින් අතපත්තු නිලධාරිතුමන් විසින් සිදුකරන ලදී.

මෙම වසරේ තරඟය සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් 260 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. කලාපීය හෝටල්වල වෘත්තිකයන් සහ උතුරු මැද සහ මධ්‍යම පළාත්වල පාසල් සිසුන් සහභාගී විය. වෘත්තීය, ආධුනික සහ පාසල් කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද තරඟකරුවන් කලාත්මක ආහාර ඉදිරිපත් කිරීම්, සජීවී ඉවුම් පිහුම් සහ බාර්ටෙන්ඩින් පිළිබඳ ඔවුන්ගේ කුසලතා මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී. මෙම තරගය ‘ලෝක සූපවේදීන්ගේ සංගමයේ (WACS)’ දැඩි ප්‍රමිතීන්ට අනුකූලව පවත්වන ලදී.

ලංකා සූපවේදීන්ගේ සංසදයේ සභාපති සූපවේදීන් ජෙරාඩ් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලාංකික සූපශාස්ත්‍ර විශේෂඥයින්ගෙන් සමන්විත දක්ෂ විනිශ්චය මණ්ඩලයක් සහ ජ්‍යෙෂ්ඨ සංසද සාමාජිකයින් මෙම අවස්ථාවට එක් විය.

 විවිධ කාණ්ඩ ඔස්සේ ජයග්‍රාහකයින්ට ඔවුන්ගේ ජයග්‍රහණ අගයමින් පදක්කම් සහ සහතික ප්‍රදානය කරන ලදී. ඔවුන්ට වැඩිදුර පුහුණුව සඳහා අවස්ථා සහ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කරන ලද ‘සූපශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය 2026’ හිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කිරීමට අවස්ථාව ලබා දෙන ලදී. එමඟින් ජාතික මට්ටමේ පිළිගැනීමක් සහ පුළුල් සූපශාස්ත්‍ර කර්මාන්තයට දායකත්වයක් ලබා දීම සඳහා මෙම තරගය මහගු අවස්ථාවක් විය. 

මෙම අවස්ථාවට කීර්තියක් එක් කරමින්, ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනෙවිරත්න, පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් තුෂාර වීරරත්න සහ ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි ඇතුළු ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ නිලධාරින් කිහිප දෙනෙකු සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කීර්තිමත් අමුත්තන් මෙම අවස්ථාව නැරඹීමට සහභාගී විය.


ප්‍රතිපල සාරාංශය


ශූරයන්

සීගිරිය ගුවන් හමුදා කඳවුර

අනුශූරයන් 

ගුවන් හමුදා රත්මලාන කඳවුර

වඩාත්ම කැපී පෙනෙන මාස්ටර් චෙෆ්

සැරයන් හේරත් එච්.එම්.එන්.ආර්.කේ (ගුවන් හමුදා කටුනායක කඳවුර)

වඩාත්ම කැපී පෙනෙන මිශ්‍ර විශේෂඥයා

කෝප්‍රල් විජේරත්න ආර්.එම් (ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර)


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි