2025 - අන්තර් ඒකක එල්ලේ ශූරතාවලිය කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී අවසන් විය.
2025 - අන්තර් ඒකක එල්ලේ ශූරතාවලිය 2025 සැප්තැම්බර් 15 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ මලල ක්‍රීඩා පිටියේදී වර්ණවත් සම්මාන ප්‍රදානෝත්සවයකින් අවසන් විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ග්ලැඩ්වින් අතපත්තු නිලධාරිතුමන් සහභාගී විය.
ගුවන් හමුදා කටුනායක කඳවුර පිරිමි ශූරතාව දිනා ගන්නා ලදී. ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කාන්තා ශූරතාව දිනා ගත්හ. රත්මලාන ගුවන් හමුදා කඳවුර පිරිමි අනුශූරතාවය දිනා ගත් අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ තාක්ෂණික කණ්ඩායම කාන්තා අනුශූරතාවය දිනා ගන්නා ලදී.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අසේලා ජයසේකර, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කෝලිත අබේසිංහ, ගුවන් හමුදා එල්ලේ සභාපති ගෲප් කැප්ටන් උදය ද සිල්වා, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, නිලධාරීන් සහ අනෙකුත් නිලයන් මෙම අවස්ථාව නැරඹීමට සහභාගී විය.