සෞදි අරාබියේ රාජකීය තානාපති කාර්යාලයේ හමුදා උපදේශකවරයෙකු ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි.
නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකාවේ සෞදි අරාබි රාජකීය තානාපති කාර්යාලයේ හමුදා උපදේශක, කපිතාන් (නාවික) හුසේන් ඕ අල්කොවයිලීට් මහතා  2025 සැප්තැම්බර් 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

සුහද සාකච්ඡාවකින් පසුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාපතිතුමන් සහ ආරක්ෂක උපදේශකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු කර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි