ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ 47 වන සංවත්සරය සමරන ලදී.
වවුනියාව ගුවන් හමුදා කඳවුර 2025 ඔක්තෝබර් 27 වන දින සිය 47 වන සංවත්සරය සමරනු ලැබුවේ වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ජී.ඩී.පී ප්‍රේමදාස නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සියලුම නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ සංවිධානය කරන ලද සමාජීය හා විනෝදාත්මක ක්‍රියාකාරකම් මාලාවක් සමඟිනි.
සංවත්සර සැමරුම ආරම්භ වූයේ වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී විසින් පරීක්ෂා කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියකින් ය. ඉන්පසු සැමරුම් කටයුතු කඳවුරු ක්‍රීඩා පිටියේ පැවති මිත්‍රශීලී ක්‍රිකට් තරඟාවලියකින් සිදු විය. එහිදී නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය මහත් උද්යෝගයකින් එම තරග සදහා සහභාගී විය. සියලුම කාර්ය මණ්ඩලය අතර එකමුතුකම සහ කණ්ඩායම් හැඟීම ශක්තිමත් කරමින් සියලුම නිලයන් සඳහා දිවා ආහාරය සමඟින් සංවත්සර දිනය අවසන් විය.
සංවත්සරයට සමගාමීව කඳවුර ප්‍රජා සේවා ව්‍යාපෘති කිහිපයක් පවත්වන ලදී. වවුනියාව දුම්රිය ස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සිදු කරන ලදී. රුධිර හිඟයක් අත්විඳිමින් සිටි වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර බැංකුවට සහාය වීම සඳහා 2025 ඔක්තෝබර් 22 වන දින මූලික රෝහල් පරිශ්‍රයේ දී රුධිර පරිත්‍යාග ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන් මගින් ප්‍රජා සුභසාධනය සහ සංවිධානාත්මක සහයෝගීතාවය සදහා වවුනියාව ගුවන් හමුදා කඳවුරේ කැපවීම මනාව අවධාරණය කරන ලදී.