අංක 3 සමුද්‍රීය බලඝණය වෙන නව අණදෙන නිලධාරිවරයෙක් පත් කරන ලදී
අංක 3 සමුද්‍රීය බලඝණයේ නව අණදෙන නිලධාරි තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2025 නොවැම්බර් 06 වන දින බලඝණ පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඩී.ජී.එන්.බී. සෙනවිරත්න නිලධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් පී.ජී.ජී.කේ. බෝවත්ත නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් පී.ජී.ජී.කේ. බෝවත්ත නිළධාරීතුමන් අංක 3 සමුද්‍රීය බලඝණයේ අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර අංක 3 සමුද්‍රීය බලඝණයේ නිලධාරි අණදෙන ලෙස කටයුතු කළේය. නික්ම යන නිළධාරීතුමන් වවුනියාව ගුවන් හමුදා කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරිවරයා ලෙස රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි