ගුවන් හමුදා රත්මලාන කඳවුර ගුවන් හමුදාපතිතුමනගේ වාර්ෂික පරීක්ෂණය සිදුකරනු ලබයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 නොවැම්බර් 09 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදුකරන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අමිත ජයමහ නිලධාරිතුමන් විසින් අණදෙන ලද පරීක්ෂණ පෙළපාළිය ගුවන් හමුදාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරන ලදී. පෙළපාළිය අතරතුර, පහත සඳහන් සේවා පුද්ගලයින්ට ඔවුන්ගේ කැපී පෙනෙන කාර්ය සාධනය සහ සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දුන් දායකත්වය අගයමින් ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

බළලත් නිලධාරි ඒබීඊ කුමාර 
බළපංති සැරයන් ලිලන්ත සීඑච්කේ 
බළපංති සැරයන් අමරසිංහ MRL 
බළපංති සැරයන් ගජමංගේ එම්ජීඩීසී
සැරයන් පෙරේරා එච්එන්ඩී
සැරයන් චතුරංග ඒජිජි
සැරයන් ප්‍රසන්න ඒඩබ්ලිව්ජි
සැරයන් සූරියආරච්චි එල්සී
කෝප්‍රල් විජේතුංග කේකේඑස්
කෝප්‍රල් සඳරුවන් එන්පීඑම් 
කෝප්‍රල් රණසිංහ එච්අයියු
කෝප්‍රල් බුද්ධික පීආර්එල්
කෝප්‍රල් උදයංග එම්එල්එල් 
නායක ගුවන් භට අමරතුංග එම්පීඩීඅයි 
නායක ගුවන් භට අදිකාරම් එන්ඩබ්ලිව්ඒඑම්එස්පී 
නායක ගුවන් භට මාර්ටිනස් බීඑල්එම්ආර් 
සිවිල්  එච්ඩී දයාසිරි 

ගුවන්හමුදාපතිතුමන් කඳවුරු මුලස්ථානය ඇතුළු කඳවුරේෙ සියලුම ප්‍රදේශ පරික්ෂණය සිදු කරන ලදී.

පරීක්ෂණයෙන් පසුව, ගුවන් හමුදාපතිවරයා අංක 8 බලඝණ පරිශ්‍රෙය්දී කඳවුරේ සියලුම නිලයන් සහ සිවිල් කාර්යමණ්ඩලය අමතන ලදී. ගුවන්හමුදාපතිතුමන් සිය දේශනය අතරතුර රත්මලාන කඳවුර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් සහ පරිපාලන හැකියාවන් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඔහු  අවධාරණය කළේය. තවද, වෘත්තීය ගුවන් හමුදාවේ සන්දර්භය තුළ අප කරන සෑම දෙයකදීම විශිෂ්ටත්වය ලුහුබැඳීම සහතික කිරීම සඳහා සෑම සාමාජිකයෙකුම නොසැලෙන වෘත්තීය විශිෂ්ටත්වය, අඛණ්ඩතාව සහ උසස් විනයකින් දායක වීමට උත්සාහ කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය. අවසාන වශයෙන්, වාර්ෂික පරීක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රමිතියට අනුව කඳවුර සකස් කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳව අණදෙන නිලධාරිතුමන්ට සහ ඔහුගේ කණ්ඩායමට ප්‍රශංසා කළේය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි