කොළඹ 60 වන බාලදක්ෂ කැම්පෝරියේදී ගුවන් හමුදා ගුවන් බාලදක්ෂයින්ගේ සුවිශේෂි කුසලතා
කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද 60 වන කොළඹ බාලදක්ෂ කැම්පෝරිය 2025 නොවැම්බර් 05 සිට 10 දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ බාලදක්ෂයින් 2,500 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ 05 විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්විණි.

බාලදක්ෂයින් 25 දෙනෙකු සහ බාලදක්ෂිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත ගුවන් බාලදක්ෂයින් 36 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම වාර්ෂික උත්සවයේදී ගුවන් හමුදාව නියෝජනය කළහ. අඛණ්ඩව දින තුනක් පුරා පවත්වන ලද මෙම බාලදක්ෂ කැම්පෝරියේදී ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායම සුවිශේෂී කුසලතා සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය පෙන්නුම් කළ අතර, 'හොඳම කඳවුරු භූමියට හිමි සම්මානය' සහ 'හොඳම කඳවුරු ගිනි නිවන කාර්ය සාධන සම්මානය' දිනා ගනිමින් කැම්පෝරිය පුරා ඔවුන්ගේ දක්ෂතා සහ උද්යෝගය ප්‍රදර්ශනය කළහ.

ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ සභාපති ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන සහ නියෝජ්‍ය සභාපති එයාර් කොමඩෝර් සුජීව පොන්නම්පෙරුම යන මහත්වරුන් සහ ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ අනෙකුත් ගුවන් බාලදක්ෂ නායකයින් විසින් ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායම මෙහෙයවන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි