ගුවන් හමුදා රෝහල රත්මලාන සිය 16 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා රෝහල රත්මලාන සිය 16 වන සංවත්සරය 2025 නොවැම්බර් 11 අභිමානයෙන් සමරනු ලැබීය. සංවත්සර දින සැමරුම් චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියකින් ආරම්භ වූ අතර එය වැඩබලන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් හිමාලි මෙන්ඩිස් විසින් සමාලෝචනය කරන ලදී.

සංවත්සර දින සැමරුමට සමගාමීව, 2025 නොවැම්බර් 10 සහ 11 යන දිනවල රත්මලාන ඇග්නස් ගුණසේකර අනුස්මරණ වැඩිහිටි නිවාසයේදී ප්‍රජා සෞඛ්‍ය සහ සුභසාධන වැඩසටහනක් පවත්වන ලදී. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ උපදේශක වෛද්‍ය ඒ.ජී.එස්. දර්ශනී, ගුවන් හමුදා අක්ෂි වෛද්‍ය උපදේශක ගෲප් කැප්ටන් ඒ. ජයසේකර සහ රත්මලාන ගුවන් හමුදා රෝහලේ කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව වෛද්‍ය සේවා වැඩසටහන සිදු කරන ලදී.

තවද, රෝහල් කාර්ය මණ්ඩලය වැඩිහිටි නිවාස පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් සිදු කළ අතර වැඩිහිටි නිවාසයේ සියලුම සාමාජිකයින්ට විශේෂ දිවා ආහාරයක් ද සංවිධානය කර පිරිනමන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි