මලයාසියානු විවෘත තරඟාවළියේදී නිමාලිට රන් පදක්කමක්....
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මලල කීඩිකා නිමාලි ඩබ්.කේ.එල්.ආර්. විසින් 2011 මලයාසියානු විවෘත ගෝන් ප‍්‍රී මලල ක‍්‍රීඩා තරඟාවළියේ දී මීටර් 1500 තරඟයේ රන් පදක්කම දිනා ගැනීමට සමත්කම් දැක්වූවාය. මෙම තරඟාවලිය මලයාසියාවේ ක්වාලලම්පූර් හි  බුකට් ජලීල් ක‍්‍රීඩාංගනයේ දී පවත්වන ලදී.

මෙම තරඟාවලිය සඳහා චීන තායිපේ,උස්බකිස්තාන්, ඉන්දුනීසියා, මියන්මාර්, පිලිපීනය, සිංගප්පූරුව, හොන්ග් කොන්ග්, තයිලන්තය හා මලයාසියාව නියෝජනය කරමින් දක්‍ෂ මලල ක‍්‍රීඩක, ක‍්‍රීඩිකාවන් රැුසක් සහභාගී වූහ.

ගුවන් කාන්තා නිමාලි විසින් මෙම තරඟයේදී වාර්ථ කල කාලය ලෙස සටහන් වූයේ මිනිත්තු
04  තත්. 22 දශම 33 ක් ලෙසිනි. එය ශ‍්‍රී ලංකා වාර්තාව ආසන්නයටම පැමිණීමකි. ශ‍්‍රී ලංකා වාර්තාව ලෙස වාර්තා පොත්වල සටහන් වී ඇත්තේ මිනිත්තු 04 තත් 22 දශම 04 ක් ලෙසිනි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි