කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර 41 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර 2025 නොවැම්බර් 16 වන දින සිය 41 වන සංවත්සරය සැමරූ අතර 2025 නොවැම්බර් 20 වන දින අණදෙන නිලධාරී ගෲප් කපිතාන් මංජුල අබේවික්‍රම මහතාගේ මඟ පෙන්වීම යටතේ, සියලුම නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ප්‍රජා සේවා මුලපිරීම් සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් මාලාවක් පවත්වන ලදී.
පුන්සදානි බෝධිනායක සමාජ සත්කාර පදනම සමඟ සහයෝගයෙන් සහ දිස්ත්‍රික් මහ රෝහලේ සහාය ඇතිව ජාතික රුධිර පාරවිලයන සේවයට දායක වෙමින් සහ ප්‍රජා සුභසාධනය සඳහා කඳවුරේ කැපවීම ශක්තිමත් කරමින් සේවා පුද්ගලයින් 23 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කළුතර දූව පන්සලේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී. ඊට අමතරව, මාර්ක්ස්රි නිවාසයේ ශ්‍රමදාන වැඩසටහනක් ද පවත්වන ලදී.
උදෑසන පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියෙන් සංවත්සර සැමරුම ආරම්භ කෙරුනු අතර. පෙළපාළිය අණදෙන නිලධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලදී. ඉන් අනතුරුව සේවා සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ආකර්ෂණීය රාත්‍රී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පවත්වන ලදී.