අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය 30 වන සංවත්සරය සමරයි
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය 2025 නොවැම්බර් 24 වන දින සිය 30 වන සංවත්සරය අභිමානවත්ව සමරන ලදී. රහාරක හෙලිකොප්ටර් බලඝණය 1995 දී ආරම්භ කළ දා සිට ජාතියට කරන ලද කීර්තිමත් සේවයේ වසර 30 ක කැපී පෙනෙන සන්ධිස්ථානයක් මෙයින් සනිටුහන් කළේය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින්, බලඝණ පරිශ්‍රයේදී සම්ප්‍රදායික වැඩ පෙළපාළිය පවත්වන ලද අතර, එය අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කාංචන කොඩිකාර නිළධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලද අතර, ඉන් අනතුරුව නිලධාරීන් සහ අනෙකුත් නිලයන් අමතනු ලැබීය. අණදෙන නිලධාරීවරයා සිය කතාව අතරතුර, මියගිය සියලුම විරුවන්, ආබාධිත වු නිලධාරීන්, ක්‍රියාන්විතයේදී අතුරුදහන් වූවන් (MIA) සහ ඔවුන්ගේ ආදරණීය පවුල්වලට ජාතිය වෙනුවෙන් කළ උපරිම කැපකිරීම් වෙනුවෙන් හෘදයාංගම කෘතඥතාව පළ කළේය.
සංවත්සර පෙළපාළියෙන් පසුව බලඝණයේ මියගිය විරුවන් සිහි කිරීම සඳහා පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් පැවැත්විණි. ඊට අමතරව, සංවත්සරය සැමරීම සඳහා සියලුම බලඝණ සාමාජිකයින් සමඟ සහයෝගීතාවයෙන් විනෝදාත්මක වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සනෝජ් ජයරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
සංවත්සර සැමරුමට සමගාමීව, වාර්ෂික පිරිත් දෙශනයක් සහ දානමය පුණ්‍යෝත්සවයක් ගුවන් යානා අංගන පරිශ්‍රයේදී පවත්වන ලද අතර, පිරිත් දේශනයට පෙර දිනයේදී අනෙකුත් ආගම්වල ආගමික වතාවත් සිදු කරන ලදී. මීට අමතරව, කවුඩුල්ල ශ්‍රී ජය මහා විහාරස්ථානයේ ප්‍රජා සේවා ව්‍යාපෘතියේ කොටසක් ලෙස දන්ත පරීක්ෂාවක් බලඝණයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.