මෙහෙයුම් සූදානම වැඩි දියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදා මූලස්ථානයේ ගිනි නිවන සහ ගලවා ගැනීමේ අභ්‍යාසයක් පවත්වයි
ගුවන් හමුදා ප්‍රධාන ගිනි නිවන නිලධාරී ගෲප් කැප්ටන් හේමන්ත බාලසූරිය නිළධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ගිනි නිවන භටයින්, කෝට්ටේ ගිනි නිවන හමුදාව, සුවසැරිය ගිලන් රථ සේවාව සහ අනෙකුත් අංග 43 ක් මෙම අභ්‍යාසයට සහභාගී වූහ. ගුවන් හමුදා කණ්ඩායම කඹ ආධාරයෙන් ගලවා ගැනීමේ උපක්‍රම ප්‍රදර්ශනය කළ අතර, ගිනි නිවීමේ ඔවුන්ගේ මෙහෙයුම් සූදානම සහ ප්‍රවීණතාවය මෙන්ම ඉණිමං (TTL) මෙහෙයුම් ද පෙන්නුම් කළහ. මෙම අභ්‍යාසය මගින් සැබෑ හදිසි අවස්ථාවකදී ක්ෂණිකව හා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා මූලස්ථාන කාර්ය මණ්ඩලය අතර දැනුවත්භාවය වැඩි කිරීම අරමුණු කර ගෙන ඇත.
ගුවන් හමුදා මූලස්ථානයේ තුන්වන මහලේ පවත්වනු ලැබූ මෙම අභ්‍යසය ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් විසින් මෙම අභ්‍යාසය නිරීක්ෂණය කරන ලදී.