අංක 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය පක්ෂාංගය (CBRNE ) 6 වන සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගය 2025 නොවැම්බර් 27 දින සිය 6 වන සංවත්සරය ආඩම්බරයෙන් සැමරීය. සැමරුම් උත්සවය ආරම්භ වූයේ සම්ප්‍රදායික වැඩ පෙළපාළියකින් වන අතර එය අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් දහම් වික්‍රමරත්නන නිළධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලදී. පෙළපාළියෙන් පසුව, අණදෙන නිලධාරීවරයා පක්ෂාංගයේ සියලුම නිලයන් අමතන ලද අතර එකමුතුකම ශක්තිමත් කිරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ ක්‍රීඩා ඉසව්වකින් සැමරුම අවසන් විය.




















