අපදාවෙන් අවතැන්වූවන් සඳහා සහන සේවා සැපයීම සඳහා ජාතික ආපදා කළමණාකරණ කණ්ඩායමක් සහ ආපදා සහන සැපයුම් සමඟ IL-76 ගුවන් යානයක් සහ ශ්‍රී ලංකාදිවයිනට
කාන්තාවන් සිව්දෙනෙකු සහ පුහුණුව ලත් සුනඛයන් සිව්දෙනෙකු ඇතුළුව ජාතික ආපදා ප්‍රතිචාර දැක්වීමේ බලකායේ (NDRF) නිලධාරීන් 80 දෙනෙකු රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් IL-76 වර්ගයේ ගුවන් යානයක් 2025 නොවැම්බර් 29 වන දින දිවයින්ට පැමිණි අතර, ගුවන් යානය අත්‍යවශ්‍ය ආපදා සහන සැපයුම් සහ ගලවා ගැනීමේ උපකරණ ද රැගෙන එන ලදී. පැමිණි පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර නිළධාරී තුමන් විසින් පිළිගනු ලැබීය.







































