මියන්මාර් ගුවන් හමුදාවේ (MAF) Y-8 වර්ගයේ ගුවන් යානයක් මානුෂීය සහන සමඟ දිවයින
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා මියන්මාර් රජයෙන් ලබාදුන් අත්‍යවශ්‍ය ආපදා සහන සැපයුම් රැගෙන මියන්මාර් ගුවන් හමුදාවේ (MAF) Y-8 ගුවන් යානය 2025 දෙසැම්බර් 06 දින ශ්‍රී ලංකාවට පැමිණියේය.
සහන තොගය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ශ්‍රී ලංකා බලධාරීන්ට නිල වශයෙන් භාර දීම සිදු කරන ලද අතර. ශ්‍රී ලංකාවේ මියන්මාර් ජනරජයේ තානාපති අතිගරු මාර්ලර් තන් හ්ටයික් මහත්මිය විසින් මෙම භාණ්ඩ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා වෙත පිළිගන්වන ලදී.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සැව් ෆියෝ වින් මහතා, ගුවන් හමුදා නියෝජිත සැලසුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාෂල් දේශප්‍රිය සිල්වා සහ අනෙකුත් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් ඇතුළු මියන්මාර් රජය නියෝජනය කරමින් පස් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.