ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම් අවසන් කිරීමෙන් පසු ඉන්දීය ගුවන් හමුදා MI-17 V5 හෙලිකොප්ටර් යානා දෙක ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි.
ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතුවලට සහාය වීම සඳහා යොදවා තිබූ ඉන්දීය ගුවන් හමුදාවේ පළමු MI-17 V5 හෙලිකොප්ටරය 2025 දෙසැම්බර් 06 වන දිනත් දෙවන හෙලිකොප්ටරය 2025 දෙසැම්බර් 08 වන දිනත් දිවයිනෙන් පිටත්ව ගියහ.

ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා අත්‍යවශ්‍ය සහන සැපයුම් ප්‍රවාහනය, පීඩාවට පත් සිවිල් වැසියන් ඉවත් කිරීම සහ දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා ගුවන් සහාය ඇතුළු වැදගත් මානුෂීය ගුවන් මෙහෙයුම් සිදු කළේය. 

පළමු ගුවන් යානයට සමුදීම සඳහා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් මහතා සහභාගී විය. මෙහෙයුම පුරාවට කැපවූ සේවය සහ සමීප සහයෝගීතාවය වෙනුවෙන් ඉන්දීය ගුවන් කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හි කෘතඥතාව පළ කිරීමට අද උදෑසන ගුවන් හමුදා ජේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

First MI-17 V5 Helicopter 

Second  MI-17 V5 Helicopter 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි