ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී ධූරයේ වෙනසක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය  2025 දෙසැම්බර් 08 වන දින කඳවුරු පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩීඑම්ආර් දසනායක නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඩීඑස්එම්එල්කේ සුගතදාස නිළධෘරීතුමන් වෙත අණදෙන නිලධාරී ධූරය භාර දෙන ලදී.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීඑස්එම්එල්කේ සුගතදාස, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී ලෙස පත්වීමට පෙර අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළදාරී ලෙස කටයුතු කල අතර නික්ම යන නිළධාරී එයාර් කොමඩෝර් දසනායක ජාතික ආරක්ෂක පාඨමාලා වැඩසටහන හැදෑරීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි