නුවරඑළිය ප්‍රදේශයේ ආපදාවට ලක් වූ ප්‍රජාවන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෛද්‍ය සහාය ලබා දෙයි
අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ රෝහලේ සහ මඩුල්ල ජාතික පාසලේ ස්ථාපිත ආරක්ෂිත මධ්‍යස්ථානවල පදිංචිව සිටින අවතැන් වූවන් සඳහා ගුවන්පුර ගුවන් හමුදා රෝහලේ වෛද්‍ය අංශය විසින් සංවිධානය කරන ලද වෛද්‍ය සායනයක් 2025 දෙසැම්බර් 17 වන දින පවත්වන ලදී.
ශල්‍යකර්ම, විකිරණ, ළමා හා දන්ත වෛද්‍ය විශේෂඥයින්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක සහභාගීත්වයෙන් සහ මනෝවිද්‍යාත්මක හා භෞත චිකිත්සක සේවාවන් සමඟින් මෙම සායනය පවත්වන ලදී. එහිදී ගුවන් හමුදා වෛද්‍ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය අවතැන් වූ ප්‍රජාවට වෛද්‍ය උපදේශන, අත්‍යවශ්‍ය ප්‍රතිකාර සහ අවශ්‍ය පසු විපරම් සත්කාර ලබා දුන්හ.
මීට අමතරව, වැඩසටහන අතරතුර පීඩාවට පත් පුද්ගලයින්ගේ දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙන ලදී. මෙම වෛද්‍ය සායනය හරහා ළමුන් 80 දෙනෙකු ඇතුළුව රෝගීන් 400 ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර සහ මානුෂීය ආධාර ලබා ගත්හ.
තවද, පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ නායකත්වය යටතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹේවෙල, හාවාඑළිය, කඳපොළ සහ ශාන්තිපුර යන ප්‍රදේශවල අතිරේක වෛද්‍ය සායන පවත්වන ලද අතර, අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් වූ 1,000 කට අධික පිරිසකට වෛද්‍ය උපදේශන සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලදී.