අන්තර් ඒකක පැසිපන්දු ශූරතාවය
2024/25 අන්තර් ඒකක පැසිපන්දු ශූරතාවලිය 2025 නොවැම්බර් 24 සිට නොවැම්බර් 27 දක්වා තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි, අවසන් මහා තරගය 2025 දෙසැම්බර් 18 පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් තුෂාර වීරරත්න මහතා සහභාගී විය.
කාන්තා අංශයේ සමස්ත ශූරතාවය ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල විසින් දිනා ගන්නා ලද අතර, ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර අනුශූරතාවය දිනා ගන්නා ලදී. පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට රත්මලාන ගුවන් හමුදා කඳවුරේ තාක්ෂණික අංශය සමත් වූ අතර, තරඟාවලියේ අනුශූරතාවය දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් හිමිකරගන්නා ලදී.
මෙම අවස්ථාවට පැසිපන්දු සංචිතයේ සභාපති එයාර් කොමදෝරු අමල් පෙරේරා, ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ප්‍රභාත් දිසානායක, රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරීතුමන්, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.