ගුවන් හමුදා කඳවුර චීන වරායට අංග සම්පූර්ණ වෛද්‍ය මධ්‍යස්ථානයක්.
නවීන උපකරණයන්ගෙන් සමන්විත වූ අංග සම්පූර්ණ වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය කඳවුරේදී පසුගිය සැප්තැම්බර් මස 26 වන දින ගුවන් හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරිණි.

මෙම ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සතුව බාහිර රෝගී අංශයක්, ඇඳන් 27කින් සමන්විත පිරිමි වාට්ටුවක්, විශේෂ අමුත්තන් සඳහා වූ ඇඳන් දෙකකින් සහ නිළධාරීන් සඳහා වූ ඇඳන් හයක් සහිත නිළධාරි වාට්ටුවක්, කාර්ය මණ්ඩල සඳහා වෙන්වූ කාමරයක්, ඇතුළු නවීන අංගයන්ගෙන් සමන්විත වෙයි.

මෙහි ප‍්‍රථම අණදෙණ නිළධාරීවරයා වශයෙන් ස්කොඞ්රන් ලීඩර් පී.ඒ.වී. පද්මපෙරුම වෛද්‍ය නිළධාරීතුමන් පත්වී ඇත.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි