හයිටියේ සිටින ගුවන් හමුදා සාමාජිකයින්ට විශේෂ පුහුණුවක්
හයිටියේ රාජකාරියේ නියුතු ස්‍රි ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ට 'ගුවන් සම්බන්ධිකරණ' විශේෂ පාඨමාලාවක් කිරීමට අවස්ථාව උදාවිය.

කර්නල් ජුවාන් කොපෙට්ටි සහ ජෝන් කැසිඩි විසින් මෙම පාඨමාලාව මොවුන්ට ලබා දීම සදහා කටයුතු සම්පාදනය කරන ලදී.

මෙහිදී කාලගුණය, හෙලිකොප්ටර් බෑමට සුදුසු ස්ථාන සෙවීම, එම ස්ථානවල ආරක්ෂාව, තුවාල කරුවන් රැගෙනයාම, පණිවිඩ හුවමාරු ක්‍රමවේද, ගිනි නිවීම සහ එක්සත් ජාතීන්ගේ ගුවන් යානා වල හදිසි අවස්ථා ක්‍රියා පිළිවෙත මෙමගින් දැනුවත් කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් විංග් කමාන්ඩර් රුවන් ජයසිංහ සහ ස්කොඩ්‍රන් ලීඩර් බුද්ධික කරුණරත්න ප්‍රමුඛ පිරිසක් සහභාගී විය.




 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි