13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල: ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයින්ගේ උසස් කුසලතා පෙන්නුම් කරමින් නිමාවට
පනාගොඩ ශ්‍රී ලංකා හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී, සංවිධානය ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරන ලද 13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල උසස් අන්දමින් නිමාවට පත් විය. 2026 ජනවාරි 12 වන දින නිල වශයෙන් අවසන් වූ මෙම උළෙල, ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පැවැත්වෙන විශාලතම බහු-ක්‍රීඩා තරඟාවලියකි.
2024 සැප්තැම්බර් 12 සිට 2026 ජනවාරි 12 දක්වා පැවති උළෙලේ ක්‍රීඩා ඉසව් 39 ක් පුරා තරඟ පැවැත්විණි. ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයින් 4,000 ට අධික පිරිසක් සහභාගී වූ මෙම ක්‍රීඩා උළෙල මගින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගෙන කුසලතා ඔප්නැංවීමට වේදිකාවක් සලසන අතර තෝරාගත් ක්‍රීඩකයින් ජාතික ක්‍රීඩා සංචිතවලට සම්බන්ධ වීමටද හැකියාව ඇත.
ගෘහස්ථ ක්‍රීඩා නීති රීතිවලට අනුව, ප්‍රවීණ ක්‍රීඩකයින්ට ප්‍රසාද ලකුණු හා ජාතික තරඟ සඳහා සුදුසුකම් ලබා දුන් අතර, අවසානයේදී ශ්‍රී ලංකා යුද හමුදාව ශූරතා 30ක් දිනාගනිමන් ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර, ගුවන් හමුදාව ශූරතා 29ක් සහ නාවික හමුදාව ශූරතා 8ක් දිනා ගනිමින් තරඟාවලියේ ස්ථාන හිමිකරගන්නා ලදී.
සමස්ත පදක්කම් සංඛ්‍යාව:
ශ්‍රී ලංකා යුද හමුදාව: රන් 157, රිදී 133, ලෝකඩ 106
ශ්‍රී ලංකා ගුවන් හමුදාව: රන් 99, රිදී 101, ලෝකඩ 104
ශ්‍රී ලංකා නාවික හමුදාව: රන් 46, රිදී 66, ලෝකඩ 87
මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ක්‍රීඩක ක්‍රිඩිකාවන් රැසක් සහභාගී විය