ගුවන් හමුදා පාලවි කඳවුරේ පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ මූලික පාඨමාලා ලාංඡන සහ සහතික ප්‍රදානෝත්සවය
අංක 49 පිරිමි නිලධාරී, අංක 10 කාන්තා නිලධාරී, අංක 65 ගුවන් භට, අංක 18 ගුවන් කාන්තා සහ අංක 40 නාවික පුද්ගලයින් සඳහා පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ (EOD) මූලික පාඨමාලා ලාංඡන සහ සහතික ප්‍රදානෝත්සවය 2026 ජනවාරි 14 වන දින ගුවන් හමුදා පාලවි කඳවුරේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුද්ගලයින් 25 දෙනෙකු මෙම පාඨමාලාව හැදෑරූ අතර  සහතික ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම සහභාගී වූහ.

පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ මූලික පාඨමාලාව සංකීර්ණ සහ අධි අවදානම් පරිසරවල පුපුරන ද්‍රව්‍ය තර්ජන හඳුනා ගැනීම, උදාසීන කිරීම සහ බැහැර කිරීමේ ඉහළ කුසලතා ඇති වෘත්තිකයින් පුහුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර මෙමගින් ජාතික ආරක්ෂාව, ත්‍රස්ත විරෝධී මෙහෙයුම්, ආපදා ප්‍රතිචාර සහ සන්නද්ධ හමුදාවන්ගේ මෙහෙයුම් සූදානම වර්ධනය කිරීමේ වැදගත් කාර්යභාර ඉටු කරති.

පාඨමාලාවට නිලධාරීන් 3 දෙනෙකු, කාන්තා නිලධාරිනියක්, ගුවන් භටයින් 12 දෙනෙකු, ගුවන් කාන්තාවන් 4 දෙනෙකු සහ නාවිකයින් 5 දෙනෙකු සහභාගී වූහ. පුහුණුව ගුවන් හමුදා පාලවි කඳවුරේ පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ පුහුණු පාසල (EODTS) භාර නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් හිරාන් පතිරණ නිලධීතුමන්ගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි