ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවත්වන ලද එක්දින කරාටේ පුහුණු වැඩසටහන
තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී ජපානයේ කරාටේ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා කරාටේ ක්‍රීඩකයින් සඳහා එක්දින පුහුණු වැඩසටහනක් 2026 ජනවාරි 14 වන දින සාර්ථකව පැවැත්විණි.

ගුවන් හමුදා කරාටේ ක්‍රීඩකයින්ගේ තාක්ෂණික ප්‍රවීණතාවය සහ තරඟ සූදානම වැඩි දියුණු කිරීමේ අරමුණින් ජාත්‍යන්තර ජයග්‍රාහකයින්ගේ ක්‍රීඩා කරාටේ සංගමය සමඟ සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. පුහුණු සැසි කටා සහ කුම්තේ යන විෂයයන් අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර තරඟ ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්විණි.

පුහුණු වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ජපන් ජාතික කරාටේ කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු සහ සටන් තීරකවරයෙකු වන සෙන්සෙයි ටොෂිකාට්සු අසුමි, ජපන් ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු සෙන්සෙයි ෆුමියා යොෂිමුරා සහ හිටපු ජපන් ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු සහ යෝගා මාස්ටර් සෙන්සෙයි යොෂිමුරා සයෝ විසිනි.

මෙම වැඩසටහන ගුවන් හමුදා කරාතේ සංචිත සභාපති එයාර් වයිස් මාර්ෂල් වජිර සේනාධීර මහතාගේ මඟ පෙන්වීම යටතේ, සහකාර ලේකම් වින්ග් කමාන්ඩර් මේනෝකා හපුආරච්චිගේ නිළධාරිනියගේ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි