නේපාල යුධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
නේපාල යුධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් 2026 ජනවාරි 19 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. දූත පිරිසේ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් පූර්ණ බහදූර් ඛත්‍රි මහතා කටයුතු කළේය.
සංචාරයේදී, දූත පිරිසේ ප්‍රධානී සහ සාමාජිකයින් කිහිප දෙනෙකු ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් මහතා හමුවූ අතර, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සංකේතාත්මක සිහිවටන හුවමාරුවක්ද සිදුකරන ලදී.
අනතුරුව විංග් කමාන්ඩර් රුක්ෂාන් ගම්ලක්ෂගේ නිළධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය, පශ්චාත් ගැටුම් භූමිකාව සහ අභියෝග පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් තුෂාර වීරරත්න, අධ්‍යක්ෂ ජෙනරාල් සාමාන්‍ය ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සැසියට සහභාගී වූහ.