ශ්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුර 27 වන සංවත්සරය සමරණ ලදී.
2026 ජනවාරි 26 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුර සිය 27 වන සංවත්සරය සමරණ ලදී. සංවත්සර සැමරුම් උත්සවය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කෝලිත වීරසේකර නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ පවත්වන ලදී.
සංවත්සර වැඩසටහනට සමගාමීව උත්සව මාලාවක් සංවිධානය කරන ලදී. පැල සිටුවීමේ ව්‍යාපාරයක්, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කඳවුරු දින ක්‍රිකට් තරඟයක් සහ ඓතිහාසික වලාන ශ්‍රී සුමනාරාම රජමහා විහාරස්ථානයේ පවත්වන ලද ශ්‍රමදාන වැඩසටහනක් ඇතුළත් විය.