මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මෙහෙයුමට යොදවා ඇති අණදෙන ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ නව අණදෙන නිලධාරියකු පත්කෙරේ.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (MINUSCA) එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථායිකරණ මෙහෙයුම යටතේ යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය රටේ විශාලතම අංශය වන නැගෙනහිර අංශය තුළ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම ඒකකය පුළුල් පරාසයක ගුවන් මෙහෙයුම් සිදු කරනු ලබයි ඒවාට හමුදා ප්‍රවාහනය, ඇතුළත් කිරීමේ සහ නිස්සාරණ මෙහෙයුම්, සන්නද්ධ ගුවන් මුර සංචාර, ඉල්ලීම මත ක්ෂණික ප්‍රතිචාර බලකාය යෙදවීම, සෙවීම් සහ මුදාගැනීම් (SAR), CASEVAC/MEDEVAC, බුද්ධි, නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ (ISR) මෙහෙයුම්, නිරීක්ෂක සහ අධීක්ෂණ කාර්යයන් මෙන්ම ගුවන් ගිනි සහාය ඇතුළත් වේ.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ වෘත්තීය දායකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 11 වන ගුවන් සේවා බලඇණිය 2026 ජනවාරි 21 වන දින MINUSCA වෙත යොදවන ලදී.

ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ නව අණදෙන නිලධාරීවරයකු පත්කිරීමේ උත්සවය 2026 ජනවාරි 28 වන දින බ්‍රියා හි පිහිටි බලඇණියේ දී පවත්වන ලදී. විධිමත් භාරදීමේ හා භාර ගැනීමේ පෙළපාළිය හමුදා සම්ප්‍රදායන් සහ සිරිත් විරිත්වලට අනුකූලව පවත්වන ලදී.

උත්සවය අතරතුර 10 වන ගුවන් සේවා බලඇණියේ නික්ම යන බලඇණි අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් ඩියු ද සිල්වා නිලධාරිතුමන් 11 වන ගුවන් සේවා බලඇණියේ බලඇණි අණදෙන නිලධාරී ලෙස රාජකාරි භාරගත් ගෲප් කැප්ටන් ඒආර් පතිරගේ නිලධාරිතුමන් වෙත නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරය භාර දෙන ලදී. සාම්ප්‍රදායික පෙළපාළිය සාර්ථකව නිම කිරීමෙන් පසු ගෲප් කැප්ටන් පතිරගේ මිනුස්කා හි ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ අණදෙන නිලධාරී ධූරය නිල වශයෙන් භාර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි