මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ සංකේතයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ජපානයෙන් ගිනි නිවන රථයක් ලබා දීමට නියමිතයි.
ඉචිනෝමියා නගරයේ සුහදතාවය සහ ජාත්‍යන්තර සංස්ථා ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස 2026 පෙබරවාරි 09 වන දින ජපානයේ ඉචිනෝමියා නගර කාර්යාලයේ නගරාධිපති කාර්යාලයේදී ඉචිනෝමියා සිංහ සමාජය හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් ගිනි නිවන රථයක් නිල වශයෙන් පරිත්‍යාග කිරීමේ උත්සවය පවත්වන ලදී. පරිත්‍යාග කරන ලද ගිනි නිවන රථය නුදුරු අනාගතයේ දී ජපන් ලංකා මිත්‍රත්ව සංගමය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භෞතිකව භාර දෙනු ඇත.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස්, ඉචිනෝමියා නගරයේ නගරාධිපති, ජපන් - ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න, ආචාර්ය එරංග තිලකරත්න සහ ප්‍රධාන ගිනි නිවන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රසන්න ජයවික්‍රම යන මහත්වරු මෙම අවස්ථාවට මාර්ගගතව සහභාගී විය.

   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි